මම රින්ග් වුන පෝන් එක අරන් නම බැලුවා.... කෝල් එක නුවන් සර් ගෙන් මොනාහරි ආරංචි වෙලාවත් ද .කෝකටත් ආන්සර් කරලා බලමුකෝ ....මම අය්ය ගැන ලොකු බලාපොරොත්තු ක් හිතේ තියාගෙන සුභවාදී පණිවිඩය ක් ලැබෙයි කියලා හිතලා පෝන් එක ආන්සර් කලා....
" හලෝ සර් "
"ආ ලමයා මොකද කරන්නෙ දැන් .එක්සෑම් ඉවරයි නේද ... "
අහ් සර් කතා කරන විදියට න්ම් මුකුත් ආරංචි වෙලා නෑ.
නුවන් සර් ගොඩාක් හොද කෙනෙක්. එයා මට ගොඩාක් ආදරෙයි මොකද මම එයාගෙ සහෝදරයා ට ගොඩාක් සමානයිලු. එයා අවුරුදු ගානකට කලින් ඇක්සිඩන්ට් වෙලා නැති වෙලා....මගෙයි අය්යගෙයි සම්බන්ධෙ සර් දැනගෙන හිටියා....ඉතිං එයා අපිට ගොඩාක් උදව් කලා...
" සර් මට කතා කලේ .මොකද සර් ...."
" මෙහෙමයි ඔයා ගෙ එක්සෑම් එකත්ඉවර නිසා ඔයා ඔහෙ වැඩ ඉවර කරලා ඉක්මනට ලංකාවට එන්න ඇවිත් අපේම කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන් ඔයා ට. කොලිෆිකේශන් තියෙනවා නේ... ඔයා ඇප්ලයි කරන්න ඕනි හොද ද "
" අනේ මට බෑ සර් සමාවෙන්න මට දැන් ඕව වැඩක් නෑ..."
"ඔයා මොකක් හරි අවුලක නේද ඉන්නෙ ලමයෝ මට කියන්න මොකක්හරි ප්‍රශ්නයක් නේද ඔයා ට... "
අපිගැන හැමදේම දන්න නිසා.මම සර් ට කිසිදෙයක් හංගන්නෙ නැතුව සේරම විස්තර සර් ට කිව්වා.....මොකද සර් මට අනිවාරයෙන්ම උදව් කරනවා කියලා මම දන්න නිසා....
" ඇයි ලමයෝ ඔච්චර ලොකු ප්‍රශ්නයක් වෙලා මට කිව්වෙ නැත්තේ ආ....දැන් අපි කල්පනාවෙන් වැඩ කරමු...අයියව ඉක්මනට අපි හොද කරගමු හොද ද....අපි හැමෝම එයා එක්ක ඉන්නවා නේ... අනික පුතා මම කියපු දේ ඔයා කොහොමහරි කරන්න ඕනි.මොකද ඔයා දන්නවනේ ඒක ඔයා ගෙ අයියගෙ හීනෙ එයාට ඕනි උනෙත් ඔයා ඒ තැන ඉන්නව දකින එක ... පොඩ්ඩක් හිතන්න ලමයෝ....මම කියන දේ ගැන......"
හරි සර් අපි බලමු මට සේරටම වඩා මගෙ අය්යව ඕනි දැන් .... කොහොමත් මම ඉක්මනට එනවා සර් එතකොට අපි බලමු සර් ...අනේ ගොඩාක් තෑන්ක්ස් සර් මම ගැන ගොඩාක් හිතනවා.. ඒත් මම ඉන්න තත්වය සර් ට තේරෙනවා නේද ...."""
