පස්වන දිගහැරුම

419 58 1
                                        

මම  පහුවදාම පන්සලට ගියේ මට මෙහෙ ඉදන් වෙන කරන්න දෙයක් ඇත්තටම නැති නිසා... මම ගිහින් බුදුසරණ   පැතුවේ..මගෙ අය්යට කිසිම කරදරයක් වෙන්නඑපා කියලා ....මගෙ පන ඒ...

" අනේ බුදුහාමුදුරුවනේ... මගෙ අය්යව බේරලා දෙන්න. එයාට කිසිම කරදරයක් වෙලාතියෙන්න එපා..අනේ මට උදව් කරන්න..."

ජීවිතේ මිනිස්සු කොච්චර අසරණ වෙන වෙලාවල් තියෙනවා ද.... මම මගෙ අය්යගෙ පොටෝ එක බදාගෙන බුදු සාදුට මගෙ දුක කිව්වෙ මගේ දුක අහන්න මෙහෙ ඉන්නේ එයා විතරක් නිසා...රෑ එලි වෙනකන්ම බුදු සාදු විතරයි යම්තාක්දුරට හරි මට සැනසීම ක් ලබාදුන්නේ .... ඊයෙ උදේ ආපු මම අද උදේ වෙනකන්  බුදුමැදුර ඇතුලෙ හිටියේ හරියට අම්මා ලග කෑ ගගහා අඩන පොඩි දරුවෙක් වගේ...බුදුමැදුර කොනක වාඩිවෙලා අඩන මගෙ ඇස් එකපාරටම බුදුමැදුරට බුද්ධ පූජාව අරගෙන ආපු පිරිමි ලමයි දෙන්නෙකුට යොමු උනා..... ඔව් ඒදෙන්න ආදරවන්තයො දෙන්නෙක් ... මට දැකපු ගමන් ම තේරුනා..හරියට මම යි මගෙ අය්යයි වගේ....පූජාව ඉවර වෙලා ඒ දෙන්නා  මම දිහා අනුකම්පා සහගත විදියට බැලුවෙ  සමහර විට මගේ දුක තේරිලා ද දන්නෙ නෑ.....
ඒත් ඉතිං එයාලා කියලා මොනවා කරන්නද ... මගෙ දුක නැති කරන්න පුළුවන් මගෙ අය්යගෙ වචන වලට විතරයි ....

" Dude, are you a Sri Lankan? "...

" Yes bro, I am srilankan ..."

" අනේ අපිත් ලංකාවෙ කොල්ලො "

" අහ් එහෙමද "

"ඇයි යාළුවා මොකක්ද ප්‍රශ්නේ... ඇයි ඔයා අඩන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් නම් කියන්න අපි දෙන්නා පුළුවන් උදව්වක් කරනවා  "...
ඇත්තටම ගොඩාක් හොද දෙන්නෙක් වගේ පෙනුන නිසා මම මගෙ දුක එයාලත් සමග බෙදා ගත්තා...මම සම්පූර්ණ කතාව කිව්වා අය්යා දැන් ඉන්න තත්වෙ පවා...ඒත් මගේ හිතේ තියන ගින්දර පොඩ්ඩක් වත් අඩු උනේ නෑ....

අනේ සහෝදරයා අපි දෙන්නත් ඔයා ලා දෙන්න වගේමතමා....ඔයා දන්න වනේ අපේ රටේ ගේ ලව් ගැම කොහොමද හිතන්නෙ කියලා ඉතිං අපි දෙන්නා මෙහෙ ආවා...මම හිතන්නෙ අපිට උදව් කරන්න පුළුවන් වේවි.... මගෙ අක්කා කොළඹ හොස්පිටිල් එකේ ඩොක්ටර් කෙනෙක්....

"  අනේ ලොකු දෙයක් මගෙ අය්යත් දැන් එහෙ  අනේ මගෙ අයියිආ ගැන බලන්න කියන්න කෝ.. අනේ ප්ලීස් ..  "

සිහිනයක වූ අනාගතයWhere stories live. Discover now