තුන්වන දිගහැරුම

491 67 0
                                        

එදා සසිරු අය්ය එක්ක කතා කරපු වෙලේ ඉදන් අපි හොද යාලුවො උනා මගේ බලකිරීම ටම මගෙ අයියා ත් එයා එක්ක තිබ්බ සේරම ප්‍රශ්න අමතක කරලා එයාට හොදින් සැලකුවා...එයා ගොඩාක් වැරදි ක්ස්‍රපු කෙනෙක්. ඇත්තටම  මම හිතුවෙ  අපි එක්ක ඉද්දි එයා ඇත්තටම හොද කෙනෙක් වෙයි කියලා ....කවුරුහරි ජීවිතේ වැරදි තේරුම් අරගෙන හැදෙනවන්ම් ඒක කොච්චර දෙයක් ද ඉතිං ....කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා...සුසිරු අය්ය ඇත්තටම අපේ හොද යාලුවෙක් උනා... එයාගෙ වැඩ වලට අපි උදව් කලා .. අපේ බිස්නස් එකට එයා ගොඩාක් උදව් කලා.... අපිට ලොකු ඕඩර් එකක් ආවහම සසිරු අය්ය ආවා අපිට උදව් කරන්න... ඉතිං මට ත් එයා ගැන ලොකු විස්වාසයක් ඇති උනා.....

ඔන්න අය්යයි මම යි ගොඩාක් ම සතුටු වෙන දවස ආවා... ඇත්තටම අපේ හීනෙ උන අපේම කියලා තැනක් හදා ගන්න එක  හැබෑ වෙන්නයි යන්නෙ....අපි දෙන්න ගොඩාක් මහන්සියෙන් දන්නෙම නැතුව ලොකු ගානක් එකතු කරලා තිබ්බා .....ඉතිං අපි දෙන්නම එකතු වෙලා අපිට ගැලපෙන අලුත්ම තැනක් බැලුවා අපේ බිස්නස් එකට ඇත්තටම පාර අයිනට වෙන්න තියන පොඩි තැනක්.....මෙහෙම ඉන්නකොට එකපාරටම අය්යගෙ පෝන් එකට කෝල් එකක් ආවා...  ටික වෙලාවක් එහාපැත්තෙ කෙනා  කියන එක අහන් හිටපු අය්යගෙ ඇස් වලින් කදුළු කැට දෝරෙ ගලන්න ගත්තා....ඇයි කියලා ඇහුවත් මුකුත් ද්වෙ නෑ ... අන්තිම අය්යා පෝන් එක තිබ්බ " හරි කොල්ල මම හෙට එනවා " කියලා ...

මාවත් ඇදගෙන කාමරේට ගිහින් අය්යා හොදටම අඩනව ... මම ත් අඩනව ඒත් ඇයි කියලා දන්නෙ නෑ...

" මැනික අපි දිනුවා මැනික අපි දිනුවා... "

ඇයි මගෙ අයියෙ මොකක්ද අපි දිනුවෙ, වැරදිලා ගත්ත සුයිප් එකක් වත් ඇදුනද  "

නෑ මගෙ චූටියෝ අපිටම කියලා තැනක් හම්බුනා අපි දෙන්නට... ඇත්තටම ඒ තැන ගොඩාක් හොදයි මගෙ රත්තරන් """

මම දන්නෙ නැති අය්යගෙ ගොඩාක් පරණ යාලුවෙක්  ලු ඒ කතා කලේ..... එයා ඉන්නෙ ගල්කිස්සෙලු ඉන්නෙ... හදිස්සියෙ එයා ඔස්ට්‍රේලියා යනවලු...ආයෙ ලංකාවට එන්නෙ නැල්ලු .... ඉතිං ඒවැඩ වලට සල්ලි හදිස්සියක් වෙලා ගල්කිස්ස ටවුන් එකේ තියන එයාලගෙ ශොප් එක විකුනන්න දාලා....  කෙනෙක් හොයලා දෙන්නලු.....අයියා කියනවා ඒ ශොප් එක මරු ලු.... අයියා ගිහින් තියෙනවා ලූ.....  දෙනකොට දෙවියො උඩ පැනපැන දෙනව කියනවනේ..... ඇත්තටම ඒ දේ මගෙ කනට මීපැනි වක්කරනව වගේ ඇහුනා.... මම අය්යව බදාගෙන ගොඩාක් ඇඩුවා.... දුකට නෙමේ ඒ සතුටට... අපි දෙන්නගෙ පුංචි පලවෙනි හීනෙ අපි දෙන්න හැබෑ කර ගන්න යන්නෙ....දෙන්නට දෙන්න ගොඩාක් තුරුල් වෙලා හිටියා.... සතුට වැඩි කමට....
මම දවල් කාපු වෙලේ ඉදන් ඇදුම් ලෑස්තිකලා ,බෑග් එකක් හැදුව සපත්තු ලෑස්ති කලා ... ඇත්තටම කිව්වොත් ගල්කිස්ස කියන්නෙ උපරිම විනාඩි 45ක දුර බස්එකේ ගියත්... ඒත් මට ඒ තිබ්බ ආසාවට දවල් ඉදන්ම විටෙන් විටේ බඩු ලෑස්ති කලේ හෙට අපේ ශොප් එක බලන්න යන නිසා.....අයියටත් මාර දාංගලේ එයා මට හපන්....එයාගෙ වැඩේ ශොප් එක හදන හැටි ප්ලෑන් කරන එක ...... මැනික අපි අරෙහෙම කරමු,මැනික අපි මෙහෙම කරමු, එක විකාරයයි....කියෝනව කියෝනව.. ඒත් මම ඒ දේවල් ආසාවෙන් අහන් හිටියේ.... මට වඩා එයා සතුටින් කියලා මම දන්න නිසා... ජීවිතේ බිංදුවටම වැටිලා ආයෙ ජීවිතේ ලැබුනා කියලා දැනුනම කාටද අනේ සතුටු නැත්තෙ..... එදා රෑ නම් අපි නිදා ගත්තෙත් හීනෙනුත් ශොප් එකේ ඉදගෙන.....

සිහිනයක වූ අනාගතයWhere stories live. Discover now