පළවෙනි දිගහැරුම ..............

9.7K 675 126
                                    

Beach boy............🌀🌀🌀

වන්ග් යීබෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වන්ග් යීබෝ .... ලොකු ගමන් මල්ලක් ද අතැතිව පත්වීමේ ලිපියක් අතේ තියාගෙනම තියැන්ජින් ( Tianjin) දිස්ත්‍රික්කයේ බින්හායි ( Binhai) පොලිස් ස්ථානය ඉදිරිපිට නතරවී මද වේලාවක් ඒ දෙස බලා සිටියේය .... මෙය වෙරළාසන්න පොලිස් ස්ථානයකි...

' පළවෙනි පත්වීම දුෂ්කර සේවයට කියලා මාව එවලා තියෙන්නෙ ගරාවැටෙන්න ඔන්න මෙන්න තියෙන පොලිසියකටනේ'

ඒ දෙස බලාගෙනම යීබෝ සිතුවේය ...

ඔහු මේ පැමිණෙන්නේ බෙයිජිං සිටයි... මහාලොකු සල්ලිකාර පවුලක නොවූවත් මේ අවට ඇති කුඩා ගෙවල් හා සසදද්දී ඔවුන් යම් තරමක වත්කමක් ඇති පවුලකි.... පැය ගනනාවක් පුරාවට ආ ගමන් විඩාවත් අලුත් පරිසරයේ ඇති රලු කටුක පෙනුමත් නිසා යීබෝ සිටින්නේ අදුරුවී ගිය මුහුණකිනි ...

පොලීසිය හරියට පාලු සොහොන් පිට්ටනියක් වැනිය... දැන් යීබෝ මෙතන හිටගෙන සිටින විනාඩි කිහිපට මැස්සෙක් මදුරුවෙක් වත් ඔහු දුටුවේ නැත... මදක් ඈතින් වැල්ලේ නම් මේ උදෑසන මාදැල් අදින හඩක් එය හඩක් නොව ගෝශාවක් ලෙසින් අසුනි...

යීබෝ පොලිස්තානයෙන් දැස් ඉවතට ගෙන වටපිටාව බැලුවේය ...

අවට කුඩා කඩ කිහිපයක් විය... සිල්ලර බඩු කඩයක්, තේ කඩයක්, එළවළු කඩයක් සහ තවත් ලෑලි ගැසූ කඩ කිහිපයක් වසා තිබුනි... මාලු වෙළෙදාම වෙනුවෙන් සාදා ඇති කුඩා බාර් එක පෙලට මෙතැන් සිට වෙරළ දෙසට යනතුරුම දක්නට ලැබුනි...

යීබෝ ලොකු හුස්මක් හෙලුවේය .... තවම උදෑසන අටටවත් නැති නිසා එතරම් කලබලයක් නැතිව ඇතැයි සිතා ඔහු යලිත් පොලීසිය දෙසට හැරුනි...

Beach boy (Zhanyi ff Complete )Where stories live. Discover now