තෙවන දිගහැරුම

654 96 3
                                        

මා හට සැහැල්ලුවක් දැනුණි. තවදුරටත් උණුසුම් ලෝ දිය මා වටා නොවුණි. සිරුරෙහි බර ගතියක් නොදැනුණි. සත්‍යයෙන්ම සිරුරක් නොවූ අන්දමක් දැනුණි. මා දෑස් විවර කළ අතර සතර අතම අන්ධකාර විය.
ආරම්භයක් හෝ අවසානයක් නොවූ අන්ධකාරයක්.

මා දෙස බැලූ මා හට කිසිවක් දැකිය නොහැකි විය. මා රුවක් නොමැති ආත්මයක් විය. හිස් අවකාශයක් තුළ සිටි මා එහා මෙහා පාවෙමින් සිටියෙමි.

‘මේ මරණින් පසු ලෝකය ද?’
මා මනසින් විමසුවෙමි. පිළිතුරක් නොවීය. අවකාශය බෙහෙවින් නිහඬ වූ අතර එය මා හට ආශීර්වාදයක් වූ අතර මිනිසුන්ගේ කෑමොරදීම් පිරුණු ලෝකයක ජීවත් වී එහිම ජීවිතය නිමා කළ මාහට නිහඬ බව සැනසීමක් විය. ඇතැම්විටෙක විවිධ කෑමොරදීම් ඇසුණුමුත් ඒවා කොහි සිට පැමිණියේ ද යන්න පිළිබඳ මාහට අදහසක් නොවීය.

කාලය පිළිබඳ කිසිදු අදහසක් මා හට නොවූ අතර මා එහා මෙහා පාවෙමින් ගත කළෙමි. මා ඉන් මිදීමට වාර කිහිපයකදී වෑයම් කළමුත් එය සාර්ථක නොවූ හෙයින් මා උත්සාහය අතහැර දමා නිශ්චලව සිටීමට තීරණය කළෙමි.

මදින් මද මාගේ මතකයන් ද මා වෙතින් ගිලිහී යන්නට විය. මගේ පෙර ජීවිතයේ මා සමීපතමයන්ගේ මුහුණු මාගේ මතකයෙන් වියැකෙන්නට වූ අතර මා ඒ මතක මනසේ රඳවා ගන්නට උත්සාහ කළ විට ඒවා මා වෙතින් සීඝ්‍රයෙන් ඉවත්ව ගියේ ජලය මත ඇති ඡායාවක් අල්ලන්නට උත්සාහ කරන විට එය මැකී යන්නාක් මෙනි. නමුත් ජලය මත එම නැවත මතුවුව ද එසේ මතකයන් මාගේ මනසට නැවත පැමිණියේ නැත. මා වෙතින් ඉවතට ගියා පමණි. මාහට ඇතැම්විටෙක ‘වෙයි යින්ග්’ යනුවෙන් අමතන හඬක් ඇසුණ ද මා එම මතකය ද දැඩිව අල්ලා ගැනීමට වෑයම් නොකළේ එය ද මා වෙතින් ඉවතට යාවි යැයි වූ බිය නිසාවෙනි. මාහට අතීතයක් වූ නමුත් එය වැළලී ගොසිනි. අනාගතයක් පිළිබඳ සිහින දැකීම යථාර්ථවාදී නොවීය. එබැවින් මම වර්තමානය තුළ ජීවත් වීමට තීරණය කළෙමි. මාගේ අන්ධකාර වර්තමානය තුළ නිශ්චලව සිටීමට කටයුතු කළෙමි.
'යීලිං කුලදෙටුවා.....' එම නාමය හාස්‍ය උපදවන්නකි. මා සිටින අයුරු දුටුවහොත් මාගේ ප්‍රතිවාදීන් වුව මා හට නිසැකවම අනුකම්පා කරනු ඇත.

නිහඬ අන්ධකාර ලොවක දිවිගෙවූ මා හට එක් දිනක් මා අමතන හඬක් ඇසුණි. ජීවත්වන්නවුන්ගේ ලොවින් ........

“යීලිං කුලදෙටුවාණනි, මා මෝ ශුවාන්යු. මා ඔබව කැඳවනවා යළි ජීවත්වන්නවුන්ගේ ලොවට.”

ඔහු (Completed)Where stories live. Discover now