Chapter 02

782 208 125
                                        

..... Park Jimin's POV.....

" ජීමින් ෂී.. ලෙඩාට සිහිය ආවා."

ICU එකේ ඉඳන් එළියට ආපු ඩොක්ටර් කෙනෙක් මගේ පිටිපස්සින් ඇවිත් කතා කරද්දි මං ඒ දිහාට හැරුණා. ජෙනීගේ අත තදින් අල්ලන් හිටපු හෝසොක් දිගු සුසුමක් පිටකරනවා මට ඇහුණා.

හෝසොක්, ජෙනී දැකලා හිත යම්තරමක් බිඳිලා හිටපු මට එකපාරම සැනසීමක් දැනෙන්න ගත්තේ යූන්ගිට සිහිය ආවා කියලා ඇහුණට පස්සෙයි. මං මේ පිළිකා රෝහලේ වැඩ කරන්න අරන් අවුරුදු හතරකටත් කිට්ටුයි. අපේ ඇස් පනාපිටම ගොඩක් ලෙඩ්ඩු අවසන් හුස්ම පිටකරනවා මං ඕනි තරම් දැකලා තියනවා. ඒත් මට තාමත් ඒකට හුරුවෙන්න බෑ. කොච්චර අත්දැකීම් තිබුණත් මිනිස් ජීවිතයකට සමුදෙනවා කියන්න දරාගන්න අමාරු අත්දැකීමක්.

අද මගේ හිතට දැනුනේ වෙන කවදාවත්ම නොදැනුනු විදිහේ හැඟීමක්. මං රෝහල් ගත වෙලා ඉන්න පුංචි ළමයි එක්ක සමීපව ඇසුරු කරත් මං වෙන කිසිම ලෙඩෙක් එක්ක කිට්ටු සම්බන්ධයක් තියාගෙන නෑ. අද මට මේ තරම් දුකක් දැනෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති.

" ඩොක්ටර් අපිට එයාව බලන්න යන්න පුළුවන්ද?"

හෝසොක් ඩොක්ටර්ගෙන් ඇහුවා.

" අපි දැන් එයාව එයාගේ රූම් එකට ට්‍රාන්සර් කරනවා. එතකොට ඔයාලට එයාව බලන්න පුළුවන්."

ඒත් එක්කම ICU එකේ දොර ඇරගෙන නර්සස්ලා කිහිපදෙනෙක් යූන්ගි ඇලකරලා හිටපු ඇඳ ඇදගෙන ගියා. එයා අඩවන් වුණු හීනි ඇස් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා මං දැක්කා. උදේ එයාගේ ඇස් වල තිබුණු ආලෝකය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා. ඒ ඇස් මළාණික වෙලා.

අපි ඒ පස්සින්ම යූන්ගිගේ රූම් එක පැත්තට ඇවිදන් ගියා.

...... Min Yoongi's POV.....

මට සිහිය එද්දි මං හිටියේ අනේකවිධ මැෂින් ගොඩක් අතරේ හිරවෙලා. මේක මට නුපුරුදු දෙයක් නෙවෙයි. මං මේ වෙද්දි මගේ තත්ත්වේ හොඳටම තේරුම් අරන් හිටියේ. මං හැමදෙයක්ම අතෑරදාලා යන්න සූදානමින් හිටියේ. ඒත් එකපාරටම මගේ හිතට ආවේ අහම්බෙන් මගේ ජීවිතේට එබිකම් කළ අමුත්තව. හැමදේම අතාරින්න සූදානම් වෙලා හිටියත් ඒ හිනාවෙන ඇස් මතක් වෙද්දි මට මේ ලෝකේ දාලා යන්න ලෝබ හිතෙනවා.

💫❄️𝔖𝔫𝔬𝔴 𝔓𝔯𝔦𝔫𝔠𝔢 ❄️💫 [YoonMin] [ Completed ]Where stories live. Discover now