...... Park jimin's pov.....
"ඩොක්ටර් ඔප්පා......" කුඩා දරුවෙකුගේ කෑ ගැසීමක් හමුවේ මා කල්පනා ලෝකෙන් අවදි වූයේ පුංචි තිගැස්මක් එක්කමයි.මා වහාම පිටුපස්ට හැරී බලනවත් එක්කම හිසේ කෙස් ගස් එකක්වත් නොමැති කුඩා දැරියක් මා වෙතට පැමිණ මගේ කකුලේ එල්ලුනේ සිනහ මලක් මුව තුල රදවා ගනිමින්.
" බලන්නකො ඔප්පා මමී මට කලදල කලනවා බෙහෙත් බොන්න කීලා.." කුඩා දැරිවිය මූනත් තැලිච්ච කජු ලෙල්ලක් ලෙස සාදා ගනිමින් හුරතල් ලෙස පැවසුවේ මගේ මුහුණටත් සිනහවක් ගෙනෙමින්...
මං කුඩා දැරියවත් එක්කගෙන විශාල ජනේලයක් ගාවට ගොස් ඇයව ජනෙල් රාමුව තුල තැබුවේ ජනේලයෙන් පිටත ලෝකය පැහැදිලිව පෙනෙන සේය.
" හිම වැටෙනවා." පුංචි දැරිය ජනේලෙන් පිටතට අත දික් කරමින් හිම පියල ඇල්ලීමට උත්සාහ කරනවා..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"දන්නවද ප්‍රින්සස් ඔයා බෙහෙත් බීලා සනීප වුනාම මං ඔයාව හිමේ සෙල්ලම් කරන්න එක්කන් යනවා" හිම පියලි ඇල්ලීමට උත්සාහ කරන හුරතල් දැරිය දෙස බලමින් මං පැවසුවා."ඔය ඇත්තමද? " දැරිය කදුලු වලින් තෙත බරිතව තිබූ ඇස් දෙකෙන් හිනා වෙන්න ගත්තා." දන්නවද ඩොක්ටර් ඔප්පා මම ලොකු උනාම ඩොක්ටර් ඔප්පාව මැරි කලනවා.." ප්‍රින්සස් හිනාවෙවී කියවන්න පටන් ගත්තා.
" හැබැයි ප්‍රින්සස් ඉක්මනට ලොකු වෙන්න ඕන.. මට ගොඩක් කාලයක් බලන් ඉන්න බෑනෙ.." ප්‍රින්සස් මැෂින් එකක් වගේ ඔළුව වනන්න ගත්තා..
" ජෙසිකා.." මැදිවියේ කාන්තාවක් වේගයෙන් එතනට දිව ආවා...
" මමී" මෙතෙක් වෙලා මගේ ඇගේ දැවටි දැවටි හිටිය ප්‍රින්සස් කාන්තාවගේ උකුලට පැන්නා..

YOU ARE READING
💫❄️𝔖𝔫𝔬𝔴 𝔓𝔯𝔦𝔫𝔠𝔢 ❄️💫 [YoonMin] [ Completed ]
Fanfictionතමන්ගේ ජීවිතේ කොයි මොහොතක අහිමි වෙයිද කියලා විශ්වාසයක් නැති පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයට අලුතින් බලාපොරොත්තු එක් රැස් කරගැනීම වරදක්ද? ජීවත් වන ටික කාලයක් හරි සතුටින් ජීවත් වීමේ අයිතිය ඔවුටත් හිමියි. මේක Chapter 02 ක short ff එකක්.. Hope you guys like...