එහෙම කියලා මම බැලුවේ ජිමින් දිහා..ජිමින්ගෙ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුනා...

" JK...අනී....දැන් දුක් වෙන්න එපා..අපි කොහොම හරි මිආ වෙනුවෙන් මේක කරන්න ඕනි..ඔයා මිආ වෙනුවෙන් මේ හැමදේම ඉවසන්න ඕනි..."

" දේ.....ඕ...හ් අපි ලඟටම ඇවිල්ල කතාව නිසා දැනුනෙත් නෑ..."

ජිමින් එක්ක පොඩි වෙලාවක් කතා කර කර ඉදලා බයික් එකත් අරගෙන මම ගෙදර ආවා..

ගෙදර ඇවිත් කාමරේට ගිහින් මිආගේ ෆොටෝ එක අතට අරගෙන ටිකක් වෙලා මම මිආ එක්ක කතා කලා..

" මිආ.... මැණික සතුටින් ඉන්නවා නේද..? ඔයාගේ Mr.JK ඉක්මනටම ඔයා එක්ක හැංඟිලා ගිය ඇත්ත එලියට ගන්නයි හදන්නේ...ඒ නිසා දුකින් ඉන්න එපා හොඳද..? ඔයාට මම US වලදී පොරොන්දු උනා වගේම ඔයාගේ ඇත්ත හොයාගත්තට පස්සේ ඔයාව බලන්න මම එන්නම් හොඳද ? "

මිආගේ පොටෝ එකත් එක අතේ තියාගෙන මිආ එක්ක කතා කර කරා ඉන්නකොට නැනී ඔම්මා මගේ කාමරේට ආවා..

" මහත්තයෝ කැම කමුද...? "

" දේ ඔම්මා...යමු....."

නැනී ඔම්මගේ කරට අතක් දාගෙන මම එයත් එක්කම පහලට ආවා.මම පහලට ආවත් අබොජි පේන්න ඉදියේ නෑ..වෙනදට අනිවාර්යයෙන්ම කෑම වෙලාවට අබොජි මේසෙට එනවා...මොන කේන්තියක් තිබ්බත් මට අබොජි ගැන නොබලා ඉන්න බැරි උනා..මොන දේ උනත් ඒ මගෙ අබොජි..දැන් මේ ලෝකෙ මට කියලා ඉන්නේ එච්චරයි...

" නැනී ඔම්මා කෝ අබොජි ? "

" ලොකු මහත්තයා නිදි...කකුල රිදෙනවා කියලා හවස ඉදන් කිව්වා..බෙහෙත් වලට වෙන්න ඇති හොඳටම නින්ද ගිහින්..."

" ඔම්මා අබොජි කෑවද..?"

" දේ...ලොකු මහත්තයා බෙහෙත් බොන්න ඕනි කියලා කලින්ම කෑවා.."

මම ඉක්මනට කෑම කාලා අබොජිගේ කාමරේට ගියේ කිසිම සද්දයක් ඇහෙන්නෙ නැතිවෙන්න.අබොජි ඇහැරලා ඉන්න වෙලාවක එයා ලඟට යන්න මගෙ හිත ඉඩ දුන්නෑ.ඒනිසා අබොජි නිදි වෙලාවේ මම එයාගේ කාමරේට ගියා..මම යනකොට අබොජි හොඳටම නිදි..ඇඟෙන් අයින් වෙලා තිබුන ශීට් එක අබොජිට පොරවලා මම ආයෙම මගේ කාමරේට ආවා...

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now