12.PROMISE | 🍀

1K 271 32
                                    

*3rd person p.o.v

සටන ඉවර කරලා හැමෝම ආවේ යුනිවර්සිටි infirmary එකට ජින් හ්‍යුන්වයි, නම්ජුන්වයි හම්බෙන්න. මොකද හිතුවට වඩා හැමෝටම තුවාල වෙලා තිබ්බා.

වෘක දත්,නියපොතු පාරවල් වලින් කට්ටියගෙම මුළු ඇඟම පිරිලා. වැඩියෙන්ම තුවාල වෙලා තිබ්බේ ජන්කුක්ට.

"කුකී ඔයාට අමාරු නෑ නේද? අනේ කුකී මට බයයි" ටේහ්‍යොන් කුකී ගාවින් හෙලවුන්නෑ. එයාටත් තුවාල වෙලා තිබුණට ඒ ගැන නොසලකා කුකී ගාවටම වෙලා හිටියා.

ඇඳවල් උඩ දිගා වෙලා හිටිය ජිමින්, හොබී,ටේහ්‍යොන්,ජංකුක් ට ජින් බෙහෙත් කරද්දී නම්ජුන් උදව් කරා.

🐴 "හ්‍යුන්ග්"

🐹 "ම් කියන්න හොබී.. කොහේහරි තව තුවාල තියෙනවද?"

🐴 "නෑ.. හ්‍යුන්ග් මේ.. මේකයි.. කෝ හේසොන්"

🐹 "ආහ් අපි එයාව අපේ ඩෝර්ම් එකට අරන් ගියා."

🐴 "තනියමද? එයාට තාම ආමාරුයිනේ"

🐹 "පෙරේදා ජිමින්ගේ මල්ලි ආවනේ! එයාව තිබ්බා ළඟින්. ඒක නෙමෙයි හොබී ඔයා මොකද මෙච්චරගැන අහන්නේ?"

🐴 "නෑ හ්‍යුන්.. මේ නිකන් ඇහුවේ"

🐹 "හ්ම් හ්ම්...මේ ටික බොන්නකෝ ඉක්මනට සනීප වෙයි"

ජින් හ්‍යුන්ග් බෙහෙත් ටික දාලා ඉවර වෙලා වේදනා නාශක දුන්නේ තුවාල නිසා දැනෙන වේදනාව වලක්වන්න.

මේ හැමදේම බලගෙන කාමරේ මුල්ලකට වෙලා තාමත් යූංගිනම් තුවාල පිටින්මයි. බැලු බැල්මට එයාගේ ඇස් මළානික වෙලා තිබුණා.

"යූංගියා ! මොකෝ මේ?" නම්ජුන් එතනට ගියත් යූංගි තාමත් ලොකු කල්පනාවක.

උරහිසෙන් අත තියන ගමන් "යූංගි හ්‍යුන්ග් අපි තුවාල වලට බෙහෙත් දාගමු නේද දැන්"

𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ] ✅ | Sinhala Where stories live. Discover now