මේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* ඇයි දැන් නෙලුම්ට මැරිච්ච සුද්දෙක් වැහිල කියලද අත්තලා හිතන්නෙ? " " හිනාවෙන්ඩ එපා බං. නැත්තම් මේකට හේතුවක් තියෙන්ඩ එපෑ. ගමේ උං කියන්නෙ කොල්ලට අර හෙක්ටර් අයියගෙ ආත්මෙ වැහිල කියලා. උබලගෙ ගෙදර එන්ඩ කොල්ලා ඔය හෙක්ටර්ලගෙ වලව් වත්තෙන් පැනලා නෙවේද එන්නෙ? නෙළුම් කඩන්ට ය කියලා වැවට උබ අඩ ගහගෙන යන්නෙ ඒ වැටෙන් රිංගලා ගිහින් නෙවේද? අනන්තවත් කියලා නැතුව යැ මං ඔය පරණ වලව්ව අස්සෙ රිංගන්ඩ එපා කියලා, කොල්ලා කවදාවත් අහන එකක්ද? මටනං සැකයක් නෑ කොල්ලට වැහුණෙ හෙක්ටර් අයියා. ඉංගිරිසි තියා මලපොතේ අකුරක් දන්නැති එකාට හිටිඅඩියෙ වෙච්චි දේ පැහැදිලි කොරහංකො නැත්තං. " ***************** Published : June / 2023 Completed : 23 / May / 2024 💮✨
86 parts